දෙවෙනි වරටත් අද රාත්‍රී 10.30 දක්වා වලංගු අතිවිශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශවල අය නොදැන එළියට යන්න එපා
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනය අද (02) රාත්‍රී 10.30 දක්වා තවදුරටත් වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා වැඩි විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.
මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැක. සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කෙරේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පවතිනු ඇත.