තත්ත්වය පාලනයට ප්‍රදේශ තුනකට ඇදිරි නීතිය වැටෙද්දී මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න

Report

මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර හටගත් නොසන්සුන් තත්ත්වය මේ වන විට පාලනය කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 7 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්විය.

තත්ත්වය පාලනය සඳහා විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව, පොලීසිය මෙන්ම නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා යෙදවීමට පියවර ගැනුණි.

මේ ලග්න හිමියන් අද ඉතා පරිස්සමින් - ජීවිතයම මොහොතින් වෙනස් කරන ශනිදා ලග්න පලාපල

මේ ලග්න හිමියන් අද ඉතා පරිස්සමින් - ජීවිතයම මොහොතින් වෙනස් කරන ශනිදා ලග්න පලාපල

නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇත. බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි ඥාතීන් සහ පොලීසිය අතරද උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, සාමය ආරක්ෂා කිරීම සඳහා කැන්දලියද්ද පාළුව (බටහිර/උතුර) සහ දඹුව ග්‍රාම නිලධාරී වසම් සඳහා නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

සිද්ධිය නිරීක්ෂණය සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ යුද හමුදාපතිවරයා බන්ධනාගාර පරිශ්‍රයට පැමිණි අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ අදාළ අංශ සමඟ සාකච්ඡා කර බන්ධනාගාරයට අවශ්‍ය සියලුම ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.