68,000ක චීස් කාපු..250,000ක ෂෝටීස් කාපු රෝසි ගැන අමුතුම අනාවරණයක්..

Colombo Samagi janabalawegaya Rosie senanayake Colombo urban council
By Aruna Oct 31, 2021 07:29 AM GMT
Aruna

Aruna

Report

තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමටත් පොලිසියටත් පැමිණිලි කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දී ඇත. කහඳගම මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය මැද ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙසේ ජනතා මුදල් අවභාවිතා කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.