වයඹ මහ ඇමතිකම ගැන රෝහිත රාජපක්‍ෂ පළමු වරට ප්‍රසිද්ධියේ කියූ දේ මෙන්න..
Mahinda Rajapakshe
Namal Rajapakshe
Gotabaya Rajapakshe
Rohitha Rajapakshe
Wayaba provincial
By Aruna
දේශපාලනයට පැමිණ සඳහා තමන් තුළ කිසිදු අදහසක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියි.
කුරුණෑගල පැවති මැතිවරණ ව්‍යාපාරයේදී තම පියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පමණක් කටයුතු කරන බව ද ඔහු පැවසීය.
ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති ධුරයට තමන් තරග වදින බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා සඳහන් කරයි.
දේශපාලනයට සම්බන්ධ නොවන නමුත් ජනතාවගේ යහපත උදෙසා සමාජ ව්‍යාපෘතින්වලට සම්බන්ධ වන බවද ඔහු පැවසීය.
තමන් සමාජ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වන්නේ හොඳ හිතින් මිස ඡන්ද ලබාගැනීමේ අදහසින් නොවන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |