ජ්‍යේෂ්‍ඨ කථිකාචාර්යවරයෙක් රටට අහිමි කළ මාරක අනතුරක්! VIDEO

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී මීරිගම දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්, රියදුරුට පාලනය කරගත නොහැකි වී, ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු ගමන් ගත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, එක් අයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ච කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුනේන්ද්‍ර මහතායි. ඔහු මිය යන විට 46 වන වියේ පසුවිය.

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

පසුගිය දිනවල ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමඟ යාපනයේ සහ නාගදීපයේ සංචාරයක ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මධ්‍යම අධිවේගී මාර්ගයේදී මෙලෙස අනතුරකට මුහුණ දී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අනතුර ඊයේ (18) රාත්‍රියේ සිදුව ඇති අතර, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කරගත නොහැකි වී, එම දිශාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව පොලිසිය සඳහන් කරයි.

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයි ද?

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයි ද?

මීරිගම පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වනු ලැබේ.