අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීම ඇත්තක්ද? පැතිරුණු වෙඩිල්ලේ පුවතේ ඇත්ත මෙන්න

Report

අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවට පැතිර යන තොරතුරු අසත්‍ය බවත්, එවැන්නක් සිදුව නොමැති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කර ඇත.

ප්‍රදේශයේ කාන්තාවක විසින් වෙඩි තැබීමට පැමිණි බවට කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, ඒ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකර තිබේ.

සැප්තැම්බර් මාසයේ අස්වැසුම දීමනාව - බැංකු ගිණුමටම ලැබෙන දිනය මෙන්න

සැප්තැම්බර් මාසයේ අස්වැසුම දීමනාව - බැංකු ගිණුමටම ලැබෙන දිනය මෙන්න

වැඩිදුරටත් මාධ්‍ය සඳහන් කළේ අහුංගල්ල පොලිස් වසමට අයත් අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු එහි සිටි කාන්තාවකට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.

එම අවස්ථාවේදී නිවසේ අදාළ කාන්තාව පමණක් සිට ඇති අතර, පුද්ගලයෙකු පැමිණ දොරට තට්ටු කිරීමත් සමග ඇය දොර විවෘත කරනවාත් සමග මෙසේ වෙඩි තැබීමට උත්සාහ දරා ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීමක් - මේ භාණ්ඩ විකුණන ය අවධානයෙන් ඉන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීමක් - මේ භාණ්ඩ විකුණන ය අවධානයෙන් ඉන්න

ඔහු සඳහන් කර ඇත්ත නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරු පළාගොස් ඇති බව වාර්තා වන බවයි.

මෙසේ ප්‍රහාරයට ලක්වීමට ගිය කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම බන්ධනාගාරගතව සිටි 'ලියනගමගේ අනෝමා' නොහොත් 'කුඩු නෝනි' නැමැත්තිය බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.