පස්දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරු

Report

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇත ඊයේ (29) මෙම අනතුරු සිදුව තිබුණේ පලෙයි ප්‍රදේශයේ දීය පලෙයි නගරය ආසන්නයේදී ටිපර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, සෝරම්පත්තු, පලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවකි.

ඒ වගේම තවත් අනතුරක් පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයේදී පාදෙනිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ වම් පසින් ගමන් ගත් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් සිදුව ඇත.

ජින්තුපිටියේ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

ජින්තුපිටියේ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

අනතුරින් පදික පුද්ගලයා තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

පොලීසිය සදහන් කරන්නේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළි ගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී තවත් අනතුරක් සිදුව ඇත එම අනතුරින් තුවාල ලැබූ පැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, තුන්නාන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙකි.

හොරණ - බුලත්සිංහල මාර්ගයේ දියපරැල්ල හන්දිය අසලදී යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

එම පොලීසිය සදහන් කළේ අනතුරින් පැදිකරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, සෞම්‍යගම, මහගම ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

මේ අතර එගොඩඋයන පොලිස් වසමේ මෝදර වටරවුම ආසන්නයේදී ත්‍රීරෝද රථයක් දකුණු පසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි යතුරුපැදියක් ත්‍රීරෝද රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.   

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද