ආරක්ෂක පුහුණු වැඩසටහනට මොන්ටානා බළකායේ කණ්ඩායමක් ලංකාවට
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් හා තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදු වූ හානි තක්සේරු කිරීම සඳහා මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ ඉංජිනේරුවන් හා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් මෙම කණ්ඩායම පිළිගෙන ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා වෙනත් රජයේ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරමින් සිටී.
මෙම සංචාරය මගින් පශ්චාත් ආපදා ප්‍රතිසාධනය දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව හා ආයතනික ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ හවුල්කාරිත්ව පාදක ප්‍රවේශය පිළිබිඹු වේ. එක්සත් ජනපදයේ ස්වභාවික විපත්වලට ප්‍රතිචාර දැක්වීමේ පුළුල් අත්දැකීම් ලබා ගනිමින් මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ කණ්ඩායම ප්‍රතිසාධන සැලසුම්කරණයට සහාය වීමටත්, අනාගත මානුෂීය ආධාර තීරණ දැනුම් දීමටත් කොළඹ, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ හා පුත්තලම යන ප්‍රදේශවල ස්ථානීය සංචාර සිදු කර තිබේ.
මෙම සහයෝගීතාව 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය හා මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් (MoU) මත පදනම් වන අතර, එය එක්සත් ජනපද යුධ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (State Partnership Program) යටතේ විධිමත් සහයෝගීතාවක් ලෙස ක්‍රියාත්මක වේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු එක්සත් ජනපදය විසින් ලබා දුන් පුළුල් සහයෝගීතාවට අනුව මෙම කණ්ඩායමේ සංචාරය සිදු වූ අතර, එහිදී ලබා දුන් ප්‍රධාන සහනාධාර කිහිපයක් මෙසේය:
එක්සත් ජනපද මානුෂීය ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 4ක්
ආපදා ප්‍රතිචාර හා හදිසි ගුවන් සේවා ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන (U.S. Excess Defense Articles Program) හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරා දුන් ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් 206 (TH-57) හෙලිකොප්ටර් 10ක්
තීරණාත්මක ආධාර ප්‍රවාහනය කිරීම සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවේ C-130 යානා මගින් සිදු කළ සහන ගුවන් ගමන්
[