පාසල් සංවර්ධන නිලධාරින් මාරාන්තික උපවාසයේ - තවත් අයෙක් රෝහල්ගත කරයි
ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයේ සිටි තවත් නිලධාරීයෙක් අද (30) උදෑසන රෝහල් ගත කර ඇත.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බව වාර්තා වේ .
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි 26 වැනිදාය. ඒ වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලමිනි.
නමුත් ඊට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් එදින පස්වරුවේ එය මාරාන්තික උපවාසයක් දක්වා තීව්‍ර කර තිබේ .
එම මාරාන්තික උපවාසය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මකය.
මේ අතර උපවාසයේ නිරතව සිටි සිව්දෙනෙකු අතරින් කාන්තාවක් සහ තවත් උපවාසකරුවෙකු සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා රෝහල්ගත කර තිබේ.
ඔවුන් අතරින් සෙසු දෙදෙනා තවදුරටත් අඛණ්ඩව මාරාන්තික උපවාසයේ නිරතව සිටි අතර ඉන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් අද පෙරවරුවේ ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත් බව වාර්තා වේ.