අද හයිටියට වෙලා තියන දේ ඉදිරියෙදී ලංකාවට සිදුවෙයි දිලිත් අනතුරු අගවයි
මේ අවස්තාව වනවිට අපේ රට තීරණාත්මක තැනකට පත් වී ඇති බවත් රට ආගාධයකට යමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සදහන් කර තිබේ.
එතුමා තවදුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
''අලුත් පාසල් වාරය පටන් ගත්තා . නව ප්රතිසංස්ස්කරණ කියලා ගෙනාපු ප්‍රතිසංස්කරණ පටන් ගත්තා.අගමැතිවරිය කතාවකුත් පවත්වනවා අපි දැක්කා පාසලක .නමුත් නව අධ්‍යාපන වාරය ආරම්භ වෙන්නේ මේ නව අධ්‍යාපන ප්‍රතිසංකරණ කියන විකාර රූපී කියන වැඩපිළිවලත් එක්ක. ඒ ගුරුවරුන්ට ප්‍රථම වතාවට ගුරු අත්පොතක් නැතුව උගන්වන්න වෙලා . ගුරු අත්පොතේ PDF එකක් එවලා ඒකේ ප්‍රින්ට් අවුට් එකක් ගන්නත්10000 ක් විතර යයි. අධ්‍යාපන ප්‍රතිසංකරණ මුවාවෙන් එන මේ විකාර රූපි වැඩපිළිවලින් අපේ මානව සම්පත, නිදහස් අධ්‍යාපනය , ජාතිය විනාශ කරනවා.මේ වැඩේ කරන්නේ ඇයි? ''
ඒ වගේම ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් එතුමන් සිහිපත් කර තිබේ.සංචාරක කර්මාන්තයෙන් ලාභයක් නොව පාඩුවක් ලැබෙන බව එතුමා සදහන් කර තිබේ. තව දුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්
'' හාමුදුරුවන්ට සිවුරු ගලවා ගහනවා, සංස්කෘතිය විනාශ වෙලා තියෙන්නේ. අද හයිටියට වෙලා තියන දේ ඉදිරියෙදී ලංකාවට සිදුවේවි. අන්ත අසරණ දුප්පත් රාජ්‍යක් බවට පත්වේවි. රටට ආදරේ කරන ඇත්ත විපක්ෂයක් රට වෙනුවෙන් පටු දේශපාලනය පැත්තකින් තබා එකතු විය යුතුයි. ,,