ආයෙත් පාසල්වල ප්‍රශ්නයක් - පාසලක විදුහල්පතිවරයෙකු ගැනත් විමර්ශන

Report

මධ්‍යම පළාතේ පාසල්වල 10 වන ශ්‍රේණියට අදාළව තෙවන වාර විභාගය වෙනුවෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පාසල්වලට ලබා දී තිබූ විද්‍යාව, ගණිතය හා ඉංග්‍රීසි ප්‍රශ්න, විභාග දිනට පෙර පිටවීම සම්බන්ධයෙන් එක්තරා පාසලක විදුහල්පතිවරයෙකු පිළිබඳව විමර්ශනයක් අරම්භ කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් ප්‍රකාශ කරයි.

අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම නිසා පාසල් සිසුන් පත් වූ පීඩාව සැලකිල්ලට ගෙන විභාග නොපවත්වා 06 ශ්‍රේණියේ සිට 09 වන ශ්‍රේණිය දක්වා වූ සිසුන්ට එම ප්‍රශ්න පත්‍ර බෙදා දී සාකච්ඡා කරන ලෙසටත් 10 හා 11 ශ්‍රේණි සඳහා පමණක් විභාග පවත්වන ලෙසටත් විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මඟින් දැනුම් දී ඇත.

එහෙත් එසේ තිබියදී එක් විදුහල්පතිවරයෙකු සියලු ම පන්තිවලට අදාළ ප්‍රශ්න පත්‍ර සිසුන්ට අතට පත් කිරීමෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බව ඔහුගෙන් කළ විමසීමකදී සඳහන් කර ඇති බව වාර්තා වේ.

ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි

ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි

එමෙන්ම මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මෙම ප්‍රශ්න පත්‍ර පිට වූ බවට ඊයේ (29) දින මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවේ බලපෑම සැලකිල්ලට ගෙන තෙවන වාර විභාගය නොපවත්වා අදාළ ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දී 10 හා 11 ශ්‍රේණි සඳහා විභාග පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදී එම ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම ගැටලුසහගත බව ඔහු පවසා ඇති බව සඳහන්.

අඳාළ ප්‍රශ්න මහනුවර පදික වේදිකාවේදී හමු වූ පුද්ගලයෙකු තමන් අතට පත්කළ බවත් මෙය හෙළි කිරීමෙන් පසු මේවා ලැබුණේ කෙසේ ද යන්න සොයා බැලීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන නොගොස් ප්‍රශ්න පත්‍ර පිටවූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම ආණ්ඩුවේ වගකීම බවත් ඔහු අවධාරණය කර ඇති බව වාර්තා වේ.  

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට

ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට