පොල්තෙල් මෝලක මහ විශාල ගින්නක් - ඇවිලෙන ගින්න නිවන්න ගිනි නිවන ඒකකයත් එයි

Report

බණ්ඩාරගම කළුතර මාර්ගයේ පොල්තෙල් මෝලක අද (30) දින අලුයම ඇතිවූ ගින්නකින් එම තෙල් මෝලේ රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපළවලට බරපතළ අලාභ සිදුව ඇතැයි බණ්ඩාරගම පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව අලුයම 1.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ අඳාළ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර නිවා දැමීමට සමත්ව ඇත.

එමෙන්ම ගින්නෙන් පොල්තෙල් මෝල ආසන්නයේ ගබඩා කර තිබූ කොප්පරා තොගයකට සහ දේපළ රැසකට දැඩි අලාභා හානි සිදුවී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ගින්න ඇතිවීමට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පස්දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරු

පස්දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරු

සුප්‍රසිද්ධ කෝලා බීම වෙළඳපොළේ නැත්තටම නැති වෙයි - විශාල හිඟයක් ආයේ ආසාවටවත් බොන්න වෙන් නෑ

සුප්‍රසිද්ධ කෝලා බීම වෙළඳපොළේ නැත්තටම නැති වෙයි - විශාල හිඟයක් ආයේ ආසාවටවත් බොන්න වෙන් නෑ

සුළු මොහොතකට පෙර මේ අයගේ වැටුප් වැඩි කිරීමට ගිවිසුම්ගත වෙයි - වැඩි වෙන වැටුපත් මේ මාසෙම

සුළු මොහොතකට පෙර මේ අයගේ වැටුප් වැඩි කිරීමට ගිවිසුම්ගත වෙයි - වැඩි වෙන වැටුපත් මේ මාසෙම