මට නිකන් නිලියක් වෙලා වැඩක් නෑ’ තරුණයන්ගේ සිහින කුමරිය රිතූ කියන කතාව (PHOTOS)
මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශනය වන මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ ගුම්බකබූතාගේ චරිතය නිරූපණය කරන රංගන ශිල්පිනිය ගැන තමයි මේ කතා කරන්නේ.
ඇය නමින් රිතු ආකර්ෂා. රිතූ ගැන කතා කරන විට ඇය රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ වලදි බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්තු රංගන ශිල්පිනියක් විදිහට කතා කරන්නට පුළුවන්.ඒ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ වරුණි ගේ චරිතය. වරුණිගේ චරිතය නපුරු චරිතයක් වුවත් වරුණි කියන නමින් තමයි ඇයව බොහෝ දෙනා අදටත් හඳුනන්නේ කියලා තමයි රිතූ පවසලා තිබුණේ.
පසුගිය දවසක ඇය පුවත්පත් සාකච්ඡාවක් සමග සම්බන්ධ වෙලා තිබුණා. එහිදී ඇයගේ මේ දවස් වල තොරතුරු පිළිබඳවත් කලා ජීවිතයේ තොරතුරු පිළිබඳවත් කරුණු කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා.
ඉතිං රිතූ කියන විදිහට ඇය මේ දවස් වල හිරු නාළිකාවේ විකාශනය වන මහවිරු පණ්ඬු එක්ක තමයි කාලය ගත කරන්නේ. එහි රූපගත කිරීම් කටයුතු සිද්ධ වෙන බව සඳහන් කරල තිබෙනවා.
ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකක් සමග සම්බන්ධ වෙලා තිබෙන බව සඳහන් කෙරෙන අතරම නුදුරේ දී ප්‍රේක්ෂකයන්ට එම නිර්මාණ දැක ගන්නට හැකියාව ලැබෙයි කියලා තමයි එහිදී සඳහන් කරල තිබුනෙ. රංගන ශිල්පිනියක් නොවුණා නම් ඇය ඇතැම් විට ගුවන් සේවිකාවක් වන්නට තිබුණා කියලත් ඇය කියලා තිබුණා. ඉතින් මුල් දවස්වල ඇය රංගනයට ප්‍රවිෂ්ට වෙන්නෙම ගුවන් සේවිකාවක වීමේ අභිලාෂයක් සමගින්.
රංගනය තුළින් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආදරය සහ පිළිගැනීම හේතුකරගෙන ඇය ගුවන් සේවිකාවක් වීමේ අදහස ඉවත් කරලා රංගන ශිල්පිනියක් ලෙසින් කටයුතු කරගෙන යන්නට යෙදිලා තිබෙනවා. මේ දවස් වල ඇයව දැක ගන්නට පුළුවන් තවත් විදිහක් තමයි නිවේදිකාවක් ලෙස. ඇය හිරු නාළිකාවේ විකාශනය වන ජල්ලි ජකිරි කියන ගේම් ෂෝ එකට නිවේදනයෙන් දායක වෙනවා.
ඉතින් රිතූ කියන විදිහට එම වැඩසටහන කාන්තාවන් සහ පිරිමි අතර ඇතිවන තරගයක්. ඇතැම් විට ඇය ගෑණු ලමයින්ගේ පැත්ත ගන්නවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ නරක අදහසකින් නෙවෙයි කියලයි කියන්නේ. බොහෝවිට ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත ලබා ගන්නට මෙවැනි දේවල් කරන්න වෙනවා කියලා තමයි එහිදී සඳහන් කරල තිබුනෙ. ඉතින් මේ දවස්වල උතුම් පැතුම් නාට්‍යය නැවත විකාශනය වෙනවා.
උතුම් පැතුම් නාට්‍යයේ වරුණි ගේ චරිතය කාගෙත් කතා බහට ලක්වුණු චරිතයක් බවට පත් වෙන්නේ ඇය නපුරු චරිතයකට පණ පොවපු නිසාවෙන්. නමුත් ඒ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් වල රැඳුනා කියලත් ඇය සඳහන් කරල තිබෙනවා. ඒත් එක්කම ගුම්බකබූතා ගේ චරිතයත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්ත චරිතයක්. ඉතින් ඇයගේ සැබෑ නම රිතු ආකර්ෂා කියනවට වැඩිය ඇගේ චරිත වලින්ම හඳුන්වා දෙන්නට ප්‍රේක්ෂකයන් පෙළඹෙන බව සඳහන් කරනවා.
ඇය තවත් සඳහන් කරන දෙයක් තමයි වර්තමානයේ ක්ෂේත්රයට පැමිණෙන නවකයන් ඔවුන්ට වඩා බොහොම දක්ෂතාවලින් ඉහළයි කියන කාරණාව. ඔවුන් ක්ෂේත්රයට පැමිණි මුල් දවස් වල ඔවුන්ගේ වැරදි අඩුපාඩු කම් අධ්‍යක්ෂවරුන්ගෙන් නිවැරදි කරගෙන තමයි ඔවුන්ට රඟපාන්නට වෙලා තියෙන්නේ.. නමුත් නවක පිරිස් බොහෝ දක්ෂයි වගේම රූපයෙනුත් ඉහලයි කියලා තමයි සඳහන් කරලා තිබුණේ.
නමුත් මාධ්‍ය වල බලපෑම නිසාම ඔවුන්ට දිගු කාලයක් මාධ්‍ය ක්ෂේත්රය තුළ සිටීමේ හැකියාවක් නැති කියන කාරණාවත් සඳහන් කරනවා. ඉතින් ඇය මේ වන විටත් ආදරවන්තියක් නෙවෙයි. ඊට හේතු ලෙස සඳහන් කරන්නේ ඇයට සුදුසු කෙනෙක් ලැබෙනකන් ඉන්නවා කියන දේ. වයස යන නිසාවත් තව කවුරුත් කියන නිසාවත් විවාහයකට යන්නට ඇය සූදානම් නැති බව තමයි සඳහන් කරලා තිබුණේ. mega star season2 වගේම season 3 තරගාවලියටත් රිතූ සම්බන්ධ වෙනවා.
ඉතින් අවසාන දහ දෙනා අතරට පැමිණීමටත් ඇයට හැකි වුණා. ඒත් එක්කම සඳහන් කෙරෙන කාරණාවක් තමයි ඔවුන් කලා ශිල්පීන් විදිහට විවිධ ස්වරූපවලින් දකින්නට ප්‍රේක්ෂකයන් කැමැති බව. ඒ නිසාම තමයි ඇය තරගාවලියට සහභාගි වෙන්න හිතුවේ කියලා තිබුණා. ඉතින් සම්මාන පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවාද කියන ප්‍රශ්ණයට ඇය පිළිතුරු දුන්නේ ජනතාව තමයි ඇගේ හොදම සම්මානය බව.
කොහොම වුණත් ඇය සම්මාන රාත්‍රියක දී හොඳම නිළිය සම්මානය ලබා ගන්නට බලාපොරොත්තු වෙන බව සඳහන් කරල තිබුණා.
ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු විදිහට සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ජීවත් වෙන්නට අපේක්ෂා කරන බවත් සඳහන් කරලා තිබුනා. අවසානයේ ඇගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ගමන්ම සම්මාන රාත්‍රියේ දී හොඳම නිළිය ලෙසින් සම්මාන ගත වෙන්නටත් පැතුම් එකතු කරනවා.