කොත්මලේ හා මහවැලි ගඟ අවට අවදානම්....

Kandy Sri Lanka Weather Floods In Sri Lanka
By Hashini Nov 20, 2023 10:27 AM GMT
Hashini

Hashini

Report

මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත්ය.

පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මඟින් කොත්මලේ ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් ජලාශයෙන් පහළ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසට මහවැලි අධිකාරියේ එම නිවේදනයේ සඳහන් වනවා.

කොත්මලේ හා මහවැලි ගඟ අවට අවදානම්.... | Risks Around Kothmale And Mahaweli Ganga

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන වන්නේ කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලේ ඔයේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල දක්වා ප්‍රදේශ අනතුරුදායක බැවින් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙසයි. 

හපුතලේ පවුල් 31ක් වහාම ඉවත් කෙරේ...

හපුතලේ පවුල් 31ක් වහාම ඉවත් කෙරේ...

.............................


ReeCha