හැමෝටම දාන තග අපිට දාන්න එපා මුද්දරස්පළං පොතේ ලෝගෝ එක ඇන්ද පුද්ගලයා කසුන් සහ මාධවීගේ පැටිකිරියම දිග හරියි
බොහෝ දෙනෙක් ආදරය කරන කලා ලෝකය ආදරණීය කලා ශිල්පිනියක් තමයි මාධවී වස්සලා කියන්නේ.
ඇය තෙවැනි වරට විවාහ වන්නේ දක්ෂ ලේඛකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනැටිගල සමඟයි.
ඔහු විසින් පසුගිය කාල සීමාවේදී අතිශයින් බොහෝ දෙනෙක්ගේ ජනප්‍රියතාවය දිනා ගත් මුද්දරස්පළම් නැමැති පොතක් එළිදැක්වීම සිදුවිය.
එහිදී මෙම පොතට ලෝගෝ නිර්මාණය කෙරූ පුද්ගලයාගෙන් කසුන්ට සහ මාධවීට දැවැන්ත චෝදනාවක් එල්ල වී තිබේ.
ඒ ඔහුට සිදු කෙරූ අසාධාරණකම් පිළිබඳවයි.ඒ අනුව කසුන් සහ මාධවී සිදු කෙරූ ඒ අසාධාරණකම් පිළිබඳව එකී පුද්ගලයා තමන්ගේ මුහුණු පොත තුළ සටහනක් තබා තිබුණේ පහත ආකාරයටයි.
"අකමැත්තෙන් හෝ මෙය ලියමි. කළ කී දෑ කියවමින් යන පුරුද්දක් මගේ නෑ. ඒත් කවුරු හරි අපිට ගහද්දි කරබාගෙන සිටීම මගෙ පුරුද්ද නෙවෙයි. එහෙම ඉන්නවනම් එය නිවටකමකි. සහ තමන්ගෙ වෘත්තීමයත්වයට හෑල්ලුවට ලක් කරන තැනක සෘජු විය යුතුයි. කසුන් සහ මාදවී දෙපළගේ ඉල්ලීමක් මත "මුද්දරස්පළං" පොතේ Logo එක සහ "මහේශාක්‍ය" Publisher logo දෙක වෘත්තීමයව ඇන්දෙ මම. කිසිම මූල්‍යමය ප්‍රතිලාභ හිතන්නැතුව. (මේක කරාම උඹට කවර ඩිසයින් ගොඩක් ලැබෙයි මේක අපි එකතුවෙලා කරමු කියලා කිව්වා) කමක් නෑ කියලා කරා. මට කිසිම දැනුම් දීමක් නැතුව මන් කරපු ලෝගෝ වෙන කෙනෙක් කරපු කවර නිර්මාණයට භාවිතා කරලා තිබ්බා.
කෙනෙක් කරන ඕනම නිර්මාණයක් එහෙම අවභාවිතා කරන්න පුළුවන්ද? මෙයාලගෙ මේවගේ වෘත්තීමය බවේ සදාචාරාත්මක නැති හේතු මත සහ පොතට වැඩ කරපු අය හැමෝම මෙන්ෂන් කරලා මගෙ නම මෙන්ෂන් නොකරපු වගේ අන්ප්‍රොෆෙෂනලි කරන වැඩ නිසා මන් ඇඳපු ලෝගෝ වලට මගේ මුදල ඉල්ලගත්තා. ( මගේ හැකියාවෙන් මෙච්චර කල් මෙයාලට කරපු කිසිම වැඩකට ඒ වෙනකන් ප්‍රොෆෙෂනල් ෆී එකක් අරගෙන නැත) මම කරපු ලෝගෝ දෙකට අවශ්‍ය පේමන්ට් එක ගත්ත දවසෙ සිට මේ දෙපළ මාත් එක්ක ඉන්නෙ ඇරියස් එකෙන්.
ඉතින් මම කරපු වැඩේ කරේ මන් කියලා දැම්මනම් ඉවරනෙ.තැන තැන බනිනවලු. එහෙම බනින්න එපා ආරංචි වෙනවා. දැන් මගේ ප්‍රොෆයිල් එකට ඇවිත් පෝස්ට් වලට හිනාවෙනවා. මම මීට කාලෙකට කලින් කසුන් අයියගෙ හිරු ගොසිප් වීඩියෝ එකකට හිනා වුන එකට ඔයා මට රිද්දන්න හිනා වුනා කියලා මට මැසේජ් එකක් දාලා තිබ්බා. මම විතරක් නෙවෙයි රටක්ම හිනා වෙලා තිබ්බ වීඩියෝ එකක් ඒක😄මගෙත් හිනාවෙන්න ඕන දෙයක් නම් හිනා වෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න තියනවනම් පර්සනල් කතා කරන්න. මන් ඔයාට ගත්තට ආන්සර් කරන්නෑ ඔයා.
මේක මන් ෆේස්බුක් දැම්මෙ මේ ප්‍රශ්නෙ අල්ලලම නෙවෙයි. මේ වැඩේදි මම කරපු නිර්මාණයේ අයිතිය මටවත් දුන්නෙ නැති නිසා. සහ ඒ වැඩෙත් කරලා තගත් බලන්න වුන නිසා. ෆීල්ඩ් එකේ හැමෝටම දාන තග අපිට දාන්න එපා අක්කෙ. අපි සමාජ මාධ්‍යය පාවිච්චි කරන්නෙ වැඩ වලට මිසක් මඩ වලට නෙවෙයි.අපි විහිළුවක් වෙන්නෙත් නෑ ඔයා වගේ. ඔයාලා නම් සෝෂල් මීඩියා එකේ ඇවිත් කියන ඒවට හිනා යනවා.
ඒත් අපි එහෙම නෑ. ඔයාලට මන් මෙච්චර කල් කරපු ගෞරවේ නිසයි මුද්දරස්පලං ලෝගෝ එක ඇදලත් ඒවගෙ ක්‍රෙඩිට් කොපිරයිට් ඉල්ලන්නෙ නැතුව පැත්තකට උනේ. පඩුවෙ ඉද්දි මිනිස්සුන්ව කොනිත්තන්න එපා. මිනිස්සු අරගල කරද්දි අප්පච්චිට මඩ ගහද්දි ඔහු හූමිටියක්වත් තිබ්බෙ නෑ. ඔහුගේ ගුණය ආදර්ශයට ගන්න. මිනිස්කමින් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න.අප්පච්චි වෙනුවෙන් හැමදාම හිතේ තිබ්බ ගෞරවය නැති කරන්න එපා! ඔහු ඉතිරිකරලා ගිය ඒ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න. ජැක්සන් සර් රටට අහිමි වුන වෙලේ රටක් ලෝකයක් ශෙයාර් කරපු ඔයාලගෙ ගෙදර රාමු කරලා එල්ලලා තියන Legendary Jackson නිර්මාණය කරේ මම. ඔහු වෙනුවෙන් තියෙන ඒ ගෞරවය නැති කරන්න එපා! (මැසේජ් දාලා මට සාප කරනවා කියන්න එපා. අප්පච්චිව මතක් කරේ ඔයාගෙයි ඔයාගෙ අප්පච්චිගෙයි වෙනස මතක් කරලා දෙන්න) ඒ පුරාවෘත්තය සහ ඔබ අතර ඇති ඒ වෙනස පෙන්නුවට ස්තූතියි. වැඩ කරද්දි මඩ ගෑවෙනවා. ඒවා මැඩ ගමන යනවා🙏🏽