ත්‍රිපෝෂ සමාගම මිලියන 100ක් භාණ්ඩාගාරයට දෙයි
ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශය ලෙස උපයා ගත් රුපියල් මිලියන 100ක් අද (10) මහා භාණ්ඩාගාරයට භාරදී ඇත.
මෙම මුදල් අදාළ වෙක්පත භාරගැනීමට, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාට, ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා ඇතුළු පිරිස විසින් භාර දුන් බව සඳහන් වේ.
අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද එක් විය.