ලංකාවේ ප්‍රධාන හෝටල්වලින් කන අයට අනතුරු ඇඟවීමක්

Report

ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ අත්‍යවශ්‍ය ලේබල් තොරතුරු නොමැතිව තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සැපයූ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ සැපයුම්කරුවකුට අයත් ගබඩා 04ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පෙරේදා (03) සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා තිබේ.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල්, ආයතන සහ වෙළෙඳපොළ වෙත තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සපයන මෙම ගබඩා පරිශ්‍රයේ පාරිභෝගික නීති රැසක් උල්ලංඝනය වී ඇති බව අනාවරණය වූ බවයි.

සිදුකළ පරීක්ෂණවලදී භාණ්ඩවල මුල් ඇසුරුම්වල තිබිය යුතු නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ ආනයනකරුගේ තොරතුරු ඇතුළු අත්‍යවශ්‍ය ලේබල් තොරතුරු නොමැතිව ඒවා වෙනත් ඇසුරුම්වලට නැවත බහාලූ ක්‍රියාවලියක් ද හෙළිවී ඇත.

හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පොලිස්පති නියෝගයෙන් වෙනස් වෙයි - ඇතුළේ අය ගැනත් සැකයක්

හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පොලිස්පති නියෝගයෙන් වෙනස් වෙයි - ඇතුළේ අය ගැනත් සැකයක්

තවද හෝටල් හා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොගයක්ද එම ස්ථානයෙන් සොයාගෙන ඇති බව නිලධාරීහු සඳහන් කරති.

නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි මෙම සැපයුම් ආයතනය හරහා චීස්, බටර්, චොකලට්, කොකෝවා කුඩු, ටින් කළ පලතුරු හා එළවළු, පැස්ටා, මස් වර්ග සහ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය රැසක් තොග වශයෙන් බෙදාහැර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගබඩා මුද්‍රා තබා ඇති අතර, අදාළ ව්‍යාපාරික ආයතනයට සහ සැකකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය.

මේ අතර, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලේබල් තොරතුරු, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ ආනයනකරුගේ විස්තර පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාව, ආහාර නිෂ්පාදකයන් සහ හෝටල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.

"මම ආවොත් IMF එකට වෙන දේ මෙන්න" විමල් වීරවංශ ජනාධිපති සටනට එන්න සූදානම්

"මම ආවොත් IMF එකට වෙන දේ මෙන්න" විමල් වීරවංශ ජනාධිපති සටනට එන්න සූදානම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්