හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පොලිස්පති නියෝගයෙන් වෙනස් වෙයි - ඇතුළේ අය ගැනත් සැකයක්

Report

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක් (රු. 35,000,000) කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

පොලිසිය පවසන්නේ මෙම කොල්ලය පෙරේදා (03) දහවල් 2.50ත් 2.55ත් අතර කාලයේ සිදුව ඇති බවත්, එය බැංකු සේවකයෙකු හෝ සේවකයින් පිරිසක් සම්බන්ධව සිටිනවාද යන්න පිළිබඳවද සැක පදනම් කරගෙන පුළුල් විමර්ශන සිදුකරන බවයි.

සිද්ධියට අදාළව ලැබී ඇති තොරතුරු අනුව, බැංකුවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සහ සහකාර කළමනාකරු මුදල් මලු දෙකක් සේවා මධ්‍යස්ථාන දෙකකට රැගෙන යාම සඳහා සූදානම්ව සිටියදී, බැංකු පරිශ්‍රය තුළදී පා ගමනින් පැමිණි පුද්ගලයකු එම මුදල් මලු කොල්ලකා පලා ගොස් ඇති බව සඳහන් වේ.

රාජ්‍ය බැංකුවක කෝටි ගාණක මුදල් පැහැර ගෙන - සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ

රාජ්‍ය බැංකුවක කෝටි ගාණක මුදල් පැහැර ගෙන - සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ

කළමනාකරු විසින් බැංකු පරිශ්‍රය තුළ සහ පිටත පරීක්ෂා කළද සැක කටයුතු කිසිදු පුද්ගලයෙකු හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර, ඉන්පසුව 119 හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී තිබේ.

පසුව සිදුකළ පරීක්ෂණවලදී රුපියල් 5,000 නෝට්ටුවලින් රු. 35,000,000 අඩංගු ලා ක්‍රීම් පැහැති රාජ්‍ය බැංකුවේ ලාංඡනය සහිත රෙදි මලු දෙකක් මෙලෙස අතුරුදන් වී ඇති බව තහවුරු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර කළමනාකරුගෙන් දීර්ඝව ප්‍රශ්න කළද මෙතෙක් වැදගත් හෝඩුවාවක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

බැංකුව තුළ සේප්පුවෙන් මුදල් ලබාගන්නා අවස්ථාව CCTV කැමරාවල සටහන් වී තිබුණද, මුදල් රැගෙන පිටව යන දොරටුව පිහිටි ප්‍රදේශය සඳහා කැමරා නොතිබීම හේතුවෙන් සැක කටයුතු පුද්ගලයෙකුගේ චලන සටහන් නොවූ බවද විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස වසා දැමීමේ සූදානමක්

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස වසා දැමීමේ සූදානමක්