ලෝක කුසලානයේ ලොකුම ආන්දෝලනය - ක්‍රීඩාංගණවල ජල බෝතල් තහනම් කරයි
By Aylin Zoya
රටවල් 48ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 23 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 11 වන දින ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවලදී ආරම්භ වීමට නියමිතය.
මෙවර තරගාවලිය නැරඹීමට පැමිණෙන රසිකයින්ට ක්‍රීඩාංගණ තුළට ජල බෝතල් රැගෙන ඒම තහනම් කර ඇති බව සංවිධායකයින් විසින් දැනුම් දී තිබේ.
මීට පෙර රසිකයන් නැවත භාවිතා කළ හැකි බෝතල් රැගෙන ක්‍රීඩාංගණ පහසුකම් තුළ ජලය පිරවීම සිදු කළද, නව තීරණය අනුව එවැනි බෝතල්ද රැගෙන ඒම සීමා කර ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලය (FIFA) පවසන්නේ මෙම තීරණය ආරක්ෂක හේතූන් මත ගත් එකක් බවයි. එහෙත් මෙම තහනම සම්බන්ධයෙන් රසිකයින් අතර විවිධ මත පළවී ඇති අතර, ඇතැමුන් එය ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවරක් ලෙස ද, තවත් පිරිසක් එය රසික පහසුකම් සීමා කිරීමක් ලෙස ද විවේචනය කරති.