"මම ආවොත් IMF එකට වෙන දේ මෙන්න" විමල් වීරවංශ ජනාධිපති සටනට එන්න සූදානම්
2029 ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරට තම නමද ඇතුළත් වීමට බැරිකමක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වන අතර, එම අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණය මහජනතාව විසින් ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් වර්තමාන ආර්ථික හා පාලන මාර්ගයෙන් වෙනස් මාර්ගයකටරට ගෙන යන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පදනම් වූ වැඩපිළිවෙළක නොයන බවත් ඔහු සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, බ්‍රික්ස් (BRICS) හවුල සමඟ උපාය මාර්ගිකව එක්ව කටයුතු කරන බවත්, චීනය, රුසියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් සමඟ සබඳතා ශක්තිමත් කර ගනිමින් ණය කළමනාකරණයට නව ප්‍රවේශයක් ගන්නා බවත්ය.
වර්තමාන හා ඉදිරි නායකත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ වැනි නායකයන් පැමිණියද රට ගමන් කරන මාර්ගය වෙනස් නොවන්නේ නම් ගැටලුවක් පවතින බවයි.
තවද, “අපි යන්නේ කොයි පාරේ” යන සටන් පාඨය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දක්වා ඇති බව වාර්තා වේ.