බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට පහරක්- ෂෝන් ටේට් ඉල්ලා අස්වෙයි
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සමග වසරක කාලයක් සාර්ථකව කටයුතු කිරීමෙන් අනතුරුවයි ටෙට් සඳහන් කර ඇත්තේ සිය පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ලබාදීමට අවශ්‍ය බැවින් මෙම හදිසි ඉල්ලා අස්වීමේ තීරණයට පිවිසි බවයි.
ෂෝන් ටේට්ගේ ඉල්ලා අස්වීමත් සමග පුහුණුකරු ධුරයේ ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන්, තාවකාලික වේග පන්දු පුහුණුකරු ලෙස බංග්ලාදේශ හිටපු වේග පන්දු යවන්නෙකු වන තල්හා ජුබෙයාර් පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.