රිදියගම සිංහ පැටවුන්ට නම් තියන්න මහජනයාට මෙන්න දුර්ලභ අවස්ථාවක්.. සිංහයින් බලන්න නිදහස් දා රිදියගමට හැමෝම එන්න.(PHOTOS/VIDEO)

Hambantota Sri Lanka Tourism
By Aruna Jan 22, 2025 05:29 AM GMT
Aruna

Aruna

Report

දැනට මාස තුනකට පමණ ඉහතදී හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී උපත ලද සිංහ පැටවුන් හය දෙනෙකුට නම් තැබීමේ අවස්ථාව මහජනතාවට ලබාදෙන බව සත්ව උද්‍යාන දෙපාර්ථමේන්තුවේ රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසනවා.

මෙම සිංහ පැටවුන් හය දෙනා ඊයේ(21)මාධ්‍යයට නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින්, ඒ මහතා මෙම අදහස් පළ කළා.

අලුතෙන් එන වාහන ගැන ජනපති ගෙන් විශේෂ ප්‍රකාශයක්..නව වාහන මිල සහ පැරණි වාහන වල මිලට වෙන දේ මෙන්න.

අලුතෙන් එන වාහන ගැන ජනපති ගෙන් විශේෂ ප්‍රකාශයක්..නව වාහන මිල සහ පැරණි වාහන වල මිලට වෙන දේ මෙන්න.


හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දැනට මාස තුනකට පමණ පෙර ඩෝරා(dora) යන සිංහ ධේනුවටත් ඩෝරාගේ මව වන ලාරා යන සිංහ ධේනුවටත් දාව උපන් සිංහ පැටවුන් අතර ගැහැනු සතුන් පස්දෙනෙතු සහ එක් පිරිමි පැටවකු සිටිනවා.

මෙම පැටවුන් මේ වන විට මවගේ කිරි වලට අමතරව මස් වැනි ආහාර ලබා ගැනීමටද පටන් ගෙන ඇති බවත්,මොවුන් ඉතා නිරෝගීව පසුවන බවත් සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය නිළධාරීන් අවධාරණය කරයි.

උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ, මේ වන විටත් සිංහ පැටවුන්ට අවශ්‍ය එන්නත්කරණයන්ද ලබා දෙන බවත්, එළඹෙන පෙබරවාරි 04 වනදා ජනතා ප්‍රදර්ශනයට සූදානම් කර ඇති බවත්, සිංහ පැටවුන් අතපත ගෑමට ඉඩ නොලැබෙන බව ද එය සිංහ පැටවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති තීරණයන් බවයි.

රට රැකියාවට යන පිරිස් වලට විශේෂ දැනුම්දීමක්..වීසා ප්‍රශ්නයක් වෙයි

රට රැකියාවට යන පිරිස් වලට විශේෂ දැනුම්දීමක්..වීසා ප්‍රශ්නයක් වෙයි


මහජන පුදර්ශනයට ඉදිරිපත් කිරීමට පෙර සිංහ පැටවුන්ට නම් තැබීමේ විරල අවස්ථාව මෙවර ජනතාවට ලබා දීමට සෆාරී උද්‍යානය සැලසුම් කර තිබීම ද විශේෂත්වයක් වනවා.

ඒ අනුව රිදියගම සෆාරි පාර්ක් නිළ ෆේස් බුක් පිටුව හරහා හෝ මැසෙන්ජර් පණිවුඩයක් මගින් නම් යෝජනා කළ හැකි බව මාධ්‍ය හමුවක් පවත්වමින් හේමන්ත සමරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


සූරියවැව රොෂාන් ගුණසේකර

GalleryGalleryGalleryGalleryGallery
ReeCha