සහල් මිල යලි ඉහල යයි.. කිලෝව 30කින් වැඩි කෙරේ..

Sri Lanka Polonnaruwa Rice prices
By Aruna Oct 21, 2021 05:53 AM GMT
Aruna

Aruna

Report

පොලොන්නරුවෙ ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් සහල් මිල නැවත වතාවක් ඉහළ දමා තිබේ.

ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 30 කින් සහ සම්බා නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් මිල ඉහළ වැඩි කළ බව ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම මිල ඉහළ නැගිීමත් සමග කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 195ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 155ක්, නාඩු සහල් කිලෝවක් රුපියල් 130ක් වන බවද ඔහු සඳහන් කළේය.

සෙසු ප්‍රධාන මෝල් හිමියන් සමග ද සාකච්ඡා කර මෙම මිල වැඩි කිරීම සිදුකළ බවද ඔහු තවදුරටත් පැවසීය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.