කීරි සම්බා සහල් මිල ඉහළට. හේතුව මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Wayomi May 06, 2023 05:10 AM GMT
Wayomi

Wayomi

Report

කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් තිහකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ, මෝල් හිමියන් රජයේ පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම හේතුවෙන්.

මෙවර මහ කන්නයේ රජය මගින් කීරි සම්බා වී මිලදී නොගැනීමත්, පාලන මිලක් නොපැවැත්වීමත් නිසාවෙන් මෝල් හිමියන් වී කිලෝ හැට හතරේ (64) මිටියක් රුපියල් 7000-8000 අතර මිලකට ගොවීන්ගෙන් මිලදී ගෙන තිබෙනවා.

එසේ මිලදී ගත් වී සහල් කර රජයේ අනුමත පාලන මිල වන කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 260 ඉක්මවා සහල් මෝල් හිමියන් විසින් කිලෝග්‍රෑමයක තොග රුපියල් 275 අලෙවි කරන බවයි වාර්තා වෙන්නේ.

එසේ මිලදී ගන්නා තොග සිල්ලරට අලෙවි කිරීමේදී රුපියල් 280 අලෙවි කරන බව පාරිභෝගිකයන් මැසිවිලි නගනවා.

කෙසේ වෙතත් වෙළෙඳුන් පවසන්නේ නාඩු සහල් මෝල්වලින් ලබා ගන්නේ නම් එම තොගයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට කීරි සම්බා සහල් තොග ලබා ගැනීම අනිවාර්ය බවයි.

නාඩු සහල්ද කුඩා මෝල්වලින් කිලෝග්‍රෑමයක් රුපියල් 180ක මිලකට ලබා දෙන අතර මහා පරිමාණ මෝල් හිමියන් එම තොග රුපියල් 210ක මිලකට අලෙවි කරනු ලබනවා.

කෙසේ වෙතත් සහල් සඳහා පනවා තිබූ සමාජ ආරක්ෂණ බද්ධ වන සියයට 2.5ක ප්‍රමාණය මෝල් හිමියන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කළ අතර එහිදී කිලෝග්‍රෑමයකින් රජයට අහිමිවන රුපියල් 7කට ආසන්න බද්ධ ගොවියාට ලබා දෙන බව පැවසුවද එය කඩ කරමින් රජයේ පාලන මිලටත් රුපියල් 8ක් අඩුවෙන් වේළන ලද වී කිලෝග්‍රෑමයක් කුණු කොල්ලයට මිලදී ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW