සහල් මිළ යළිත් ඉහළට...?

By Sithumi Jan 01, 2022 12:43 PM GMT
Sithumi

Sithumi

Report

වෙළඳපොලේ නැවතත් සහල් මිල ඉහළ යාමක් සිදු ව තිබේ. දේශීය වශයෙන් නිෂ්පාදිත සහල් වර්ගවල මිල කිලෝවක් රුපියල් 10 සිට 30 දක්වා මිලකින් මෙසේ ඉහළ ගොස් ඇත. ඇතැම් සහල් වර්ග වල සැපයුම සීමා වීම මත මෙසේ මිල ඉහළ ගොස් ඇති බව වෙලදුන් කියා සිටිති.

මේ අතර වාර්තා වන්නේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් නැවත වතාවක් සාකච්ඡා කර සහල් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි.

රජය මෑතකදී සහල් මිල පාලන මිල තීරණය කිරීමෙන් ඉවත් වීම මත සහල් වෙළඳුන් විසින් මිල තීරණය කරමින් සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now