කීරි සබ්බා කිලෝවකින් රුපියල් 80ක අධි ලාභයක්

Paddy Samba
By Sithumi Jun 20, 2021 01:28 PM GMT
Report

දැනටත් සියයට හතක් පමණ පරිභෝජනය කරනු ලබන කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයත් දෙසීය විස්සත් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයකින් මෝල් හිමියන් රුපියල් අසූවකට ආසන්න ලාභයක් ලබන බව වාර්තා වේ. මේ දිනවල වෙළෙඳපොළට නිකුත් කරන කීරි සම්බා සහල් පසුගිය යල කන්නයේ කිලෝග්‍රෑමය රුපියල් 50 – 60ත් අතර මිලට ගත් ඒවා බව සඳහන් වේ.

එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක පාලන මිලකට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් පත්‍රය පසුගිය පෙබරවාරි 08 වැනි දින ඉවත් කර ගැනීමත් සමග සහල් ව්‍යාපාරිකයන් රිසිසේ කීරි සම්බා මිල ඉහළ දැමීම ආරම්භ කළේය. සාමාන්‍යයෙන් කීරි සම්බා වී වලින් සහල් නිෂ්පාදනය කිරීමේදී නියම ගුණත්වය ගැනීම සඳහා මාස 8-12ක් පැරණි වී යොදා ගනියි.

සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකහමාරක් අවශ්‍ය අතර ගබඩා, විදුලිය, ශ්‍රමික, ප්‍රවාහන ආදිය සඳහා තවත් රුපියල් දහයක් පමණ වැය වේ. ඒ අනුව සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය සඳහා රුපියල් සියයක පමණ වියදමක් දරන අතර ඒවා කොළඹට ප්‍රවාහනයට හා සිල්ලර අලෙවි කෙරුණේ ලාභය සහ සහල් මෝල් හිමියාගේ ලාභයට රුපියල් විස්සක මිලක් තබාගෙන කීරි සම්බා සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක මිලකට අලෙවි කළ හැකිය.

මේ ආකාරයට නාඩු සහල් කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 110- 120ක මිලකටත්, සම්බා සහල් තොග මිල රුපියල් 140 – 150ක මිල ගණන් දක්වා වැඩි කිරීම නිසා සෑම සහල් වර්ගයකම සිල්ලර මිල තොග මිලේ සිට තවත් රුපියල් 5-10ක් අතර මිලකින් ඉහළ ගොස් ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now