පංච පුද්ගල ඝාතනයට පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඩුවම
By Mithu
2002 වසරේ තණමල්විල ප්‍රදේශයම කම්පාවට පත් කරමින් සිදු වූ පංච පුද්ගල ඝාතන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට මොනරාගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.
2002 ජුනි 6 වන දින තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේදී ටී-56 ගිනිඅවි සහ බෝර 12 තුවක්කු භාවිතා කරමින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් 13 හැවිරිදි දැරියක් ඇතුළු පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙලෙස මරණ දඬුවම නියම වූයේ තණමල්විල පදිංචි ගමගේ බංදුල හරිස්චන්ද්‍ර සහ සූරියවැව ප්‍රදේශයේ පදිංචි රුවන් ප්‍රසන්න යන පුද්ගලයින් දෙදෙනාටයි.
වසර 24කට ආසන්න කාලයක් විභාග වූ මෙම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂි මගින් සැකකරුවන්ට එරෙහි අධිචෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බව මහාධිකරණය තීරණය කර ඇත.