බොරතෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති කර්ග් දූපතට අවදානමක් - ආරක්ෂාව වැඩි කරයි

Report

ඇමෙරිකානු හමුදා විසින් ඉරානයට අයත් උපායමාර්ගිකව වැදගත් කර්ග් දූපත (Kharg Island) ආක්‍රමණය කිරීමේ සූදානමක් පවතින බවට ලැබී ඇති බුද්ධි තොරතුරු මත එහි ආරක්ෂාව දැඩි කිරීමට ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ දූපත වටා බිම් බෝම්බ ඇටවීමටත්, අමතර හමුදා කණ්ඩ සහ මිසයිල විදිනයන් ස්ථානගත කිරීමටත් ඉරානය කටයුතු කර ඇත.

ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගේරි ගලිබාෆ් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මැදපෙරදිග කලාපයේ තවත් රටක් සමඟ එක්ව මෙම දූපත අල්ලා ගැනීමට සැලසුම් කරන බවයි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

යම් හෙයකින් එවැනි ආක්‍රමණයකට උත්සාහ කළහොත්, ඊට සහාය දක්වන අදාළ කලාපීය රටෙහි ඇති වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉරාන හමුදාව දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ද ඔහු අනතුරු ඇඟවීමක් කළේය.

කර්ග් දූපත යනු ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන ප්‍රධානතම තෙල් පර්යන්තය පිහිටි ස්ථානය වන බැවින්, මෙහි ආරක්ෂාව ඉරානයේ ආර්ථික ස්ථාවරත්වයට සෘජුවම බලපායි.

ඉරානයේ අන්තර්ජාල විසන්ධි කිරීම දිගටම

ඉරානයේ අන්තර්ජාල විසන්ධි කිරීම දිගටම