විදෙස් රැකියා සපයන ආයතනවලට රජයෙන් සුබ ආරංචියක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ විදේශ රැකියා ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (26) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

ඒ  අනුව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ කලාපීය නොසන්සුන්තාවය හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රැකියා ආයතන මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවයි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමඟ අඛණ්ඩව සහ විධිමත් ලෙස සන්නිවේදනය පවත්වා ගැනීමත්, ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මීට අමතරව, විදේශගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා (FBH) නිකුත් කිරීමේදී පවතින ප්‍රමාදයන් මඟහරවා ගනිමින් නිශ්චිත කාල රාමුවක් තුළ එම වාර්තා ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ට්‍රම්ප්ද? අමුතු ප්‍රකාශයක් එළියට

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ට්‍රම්ප්ද? අමුතු ප්‍රකාශයක් එළියට

රැකියා ආයතන මුහුණ දෙන ගැටලු නිරන්තරයෙන් විමසා බැලීමට සහ මෙම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය විය.