ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ට්‍රම්ප්ද? අමුතු ප්‍රකාශයක් එළියට

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

නමුත් එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුවන බව ඉරාන රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත. මේ අතර රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

යුද්ධය ඇවිලෙයි - ඉරාන නාවික 'හමුදාපති ඝාතනය කරයි - ආයෙනම් ලේසියෙන් යුද්දේ නවතින පාටක් නැහැ

යුද්ධය ඇවිලෙයි - ඉරාන නාවික 'හමුදාපති ඝාතනය කරයි - ආයෙනම් ලේසියෙන් යුද්දේ නවතින පාටක් නැහැ

එහිදී ඔහු කියා සිටියේ ඉරානයේ මීළඟ 'උත්තරීතර නායකයා' (Supreme Leader) ලෙස කටයුතු කරන ලෙස එරට නායකත්වය විසින් තමන්ට නිල නොවන මට්ටමින් ආරාධනා කළ බවයි.

එම අසාමාන්‍ය යෝජනාව තමන් වෙත ඉදිරිපත් වුවද, තමන් එය ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. දෙරට අතර පවතින යුදමය වාතාවරණය සමථයකට පත් කරගැනීම සඳහා වන සාකච්ඡා සම්බන්ධයෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර මෙලෙස පරස්පර විරෝධී අදහස් පළ වෙමින් පවතී.

මේ පුද්ගලයාව දැක්කද? දුටු තැන වහාම කියන්න - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

මේ පුද්ගලයාව දැක්කද? දුටු තැන වහාම කියන්න - පොලිසියෙන් විශේෂ නිවේදනයක්