මේ සේවකයන්ට පඩිය මදිලූ - මාස තුනක ණය සහනයක් ඉල්ලයි

Report

ශ්‍රී ලංකා දුම්රිය ස්වශක්ති සංගමය විසින් උඩරට හා උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය අඩාල වීම මත එම මාර්ග ආශ්‍රිත දුම්රිය ස්ථානවල සේවය කරන සේවකයන්ට අතිකාල අහිමි වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සදහන් කර රජයට ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් මහතා මගින් යොමු කර ඇත.

ඉන්ධන බෙදා හැරීම නවතියි? තෙල් බව්සර් සේවයෙන් ඉවතට

ඉන්ධන බෙදා හැරීම නවතියි? තෙල් බව්සර් සේවයෙන් ඉවතට

එම්.ජේ රොබට්ස් මහතා එම ලිපියෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ දිට්වා සුළි කුණාටුවත් සමග රඹුක්කන සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ගය හානි වී දුම්රිය ධාවනය අඩාල වී තිබීමත් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට කන්කසන්තුරේ දක්වා මාර්ගය නවීකරණයන් හේතුවෙන් වසා දමා තිබීමත් මත එම මාර්ගවල සේවය කරන දුම්රිය සේවකයන්ට අතිකාල දීමනා අහිමි වී මාසික වැටුපෙන් පමණක් ජීවන වියදම දැරීමට සිදුව තිබෙන බවයි.

ඔවුන් සදහා අවම වශයෙන් මාස තුනක හෝ ණය සහනයක් දෙන්නැයි ඉල්ලා සිටියි.

බේකරි නිෂ්පාදන මිල ගැන ආරංචියක් - පාන් බනිස් කේක් ඉස්සරහට තවත් වැඩිවෙයිද?

බේකරි නිෂ්පාදන මිල ගැන ආරංචියක් - පාන් බනිස් කේක් ඉස්සරහට තවත් වැඩිවෙයිද?

මේ රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් ගැටලුවක්

මේ රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් ගැටලුවක්