විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අයවැයෙන් ඉල්ලන සාධාරණය

Report

2020 - 2024 වර්ෂවල විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට 2025 අයවැයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව 20-24 විශ්‍රාමික එකමුතුවේ සභාපති මාලික විමලසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා විසින් 20 -24 වර්ෂවල විශ්‍රාම ගිය පුද්ගලයන් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යන විට උද්ධමනයට සරිලන සේ මූලික වැටුප් වැඩිවීමක් නොමැතිව සේවය කර කාලයට නොගැළපෙන ආකාරයේ විශ්‍රාම වැටුපක් සමග විශ්‍රාම ගිය අය වන බව සඳහන් කළා.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

එසේම මේ සම්බන්ධව සාකච්ජා කිරීමට ඉකුත් මැයි මස 2 වැනිදා සාකච්ජාවක් ලබාදීමට ආණ්ඩුව පොරොන්දු වුවවද එය ලබා නොදුන් බවද ඔහු පවසා ඇත.

ඊට අමතරව පසුගිය 2 වන දින මේ විශ්‍රාමිකයන්ගේ ගැටලුව පිළිබඳව සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පොරොන්දුවක් දී තිබුණද ඒ වෙනුවෙන් මෙතෙක් ඒ සඳහාද සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැති බවට චෝදනා නඟයි.

වර්තමානයේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් විවිධාකාර ගැටලුවලට මෙරට විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පත්ව ඇති බවට විවිධ පුවත් පළ වේ.

කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය සාධාරණ විසඳුමක් මෙම ආණ්ඩුවෙන් හෝ ලැබෙයි යන බලාපොරොත්තුවෙන් ඔවුන් සිටින බව මහජන ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිහි තබා ගත යුතුය. 

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව