ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කරන්න යන දේ. ඒකට කැබිනට් අනුමැතියත් ලැබිලා.

SriLankan Airlines Government Of Sri Lanka
By Wayomi Nov 01, 2022 12:54 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ස්ථාපනය කරන ලද ඒකකයකි.

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් තෝරාගනු ලබන අයෝජකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනා ගෙන තිබෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW