කිරිඳිඔය දෙපස ජනතාවට දැනුම්දීමක්

Report

 වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතු කරගන අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .

එලෙස මුදා හැරෙන ජලය සෘජුවම කිරිඳිඔයට එක් වීම නිසා කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව එම ජල පහරත් සමග වේවැල්කදුර වැල්ලවාය මාර්ගය ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය සදහන් කරන්නේ ජල පහර කිරිඳිඔයට ගලා යෑම නිසා කිරිඳිඔය දෙපස ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

ඉරණමඩු යළි වාන් දමයි

ඉරණමඩු යළි වාන් දමයි