''මගෙ ළග හිටපු යළුවො පවා මාව දාලා ගියා,ගොඩක් ලොකු පීඩනයක් මම දරාගත්තේ'' ප්‍රසිද්ධ නිළියන් දෙදෙනෙකුගේ මුදල් වංචා කළා යැයි චෝදනා එල්ල වුණ ලසා කට අරී

Report

ලංකාවේ ප්‍රසිද්ධ නිළියකගේ වීඩියෝ පටයක් එළියට පැමිණීමත් එක්ක . ඔවුන් ලසන්ත නැමැති තරුණයාට මූල්‍ය චෝදනා එල්ල කර තිබුණා. ඒ අනුව මෙම නිළියන් දෙදෙනා  මුදල් වංචා කළා යැයි කියා එල්ල කළ නඩුවෙන් ඔහු ජයග්‍රහණය කර තිබුණා .

ඔහු මාධ්‍ය ඉදිරියේ කිව්වෙ මෙවන් අදහසක්

'''මම නිදොස් කොට නිදහස් වුණා. මට දාලා තිබුණේ ව්‍යාජ නඩුවක් මූල්‍ය වංචා සමබන්ධව . එයින් මම නිදොස් කොට නිදස් වුණා. 2023 වසරේ තමා නඩුව දාලා තිබුණේ.මට හරිම සතුටුයි. ගොඩක් කට්ටිය සමාජ මාධ්‍ය තුළ මාව bully කලා . ගොඩක් ලොකු පීඩනයක් මම දරාගත්තේ . ඒවගෙම මම ස්වේච්ජා සංවිධානයක් හදාගන තිබ්බා ඒකෙන් ගොඩක් ලොකු දේවල් අපි කළා . අපි වනන්තර පවා නිර්මාණය කළා. ඒ හැම දෙයක්ම කඩාගන වැටුණා. මට මගෙ ළග හිටපු මිනිස්සු පවා නැතිවුණා.මගෙ ළග හිටපු යළුවො පවා මාව දාලා ගියා . ඒත් මම දැනගන හිටියා මම හරි කියලා . ඉතිං ගරු අධිකරණය අද ඒකට මට යුත්තිය ඉෂ්ඨ කරලා දුන්නා .

දැන් මම නිදොස් කොට නිදහස් මේක පිටිපස්සෙ ඉන්නේ සංවිධානාත්මක පිරිසක් මගෙ කාර් එක පවා හොරකම් කරපු පිරිස ඉන්නේ. තව ව්‍යාජ නඩු 2 ක් තියනවා .ඒකටත් මම මුහුණ දෙනවා.  මම පුදුම පීඩනයකින් හිටියේ අවුරුදු 2ක් තිස්සෙ .සමහර දවස් වලට නීතිඥයන්ට ගෙවා ගන්නත් සල්ලි තිබ්බෙ නැහැ 

ඒ කට්ටිය අධිකරණය නොමග යවනවා .ඒ වගේම මම ඉහළ නිළධාරීන්ට ගරු කරනවා . ඒ අය හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා ගරු අධිකරණයේ හොදටම නීතිය ක්‍රියාත්මක වෙනවා . ඒ වගේම පොලීසියෙ පහළ නිළධාරීන් ගැන කතා කරලා වැඩක් නැහැ. හැඩකාර කටකාර චූදිතයෙක් ඉන්නැද්දී එයාල වුණත් නීතිය ක්‍රියත්මක කරන්නේ හෙමිහිට .

social media එකේ මම ගැන කියල තිබුණු කරුණු මට මාව එපා වෙන තරමට දේවල් කියල තිබුණා . මට ඕනෙ වුණේ නැහැ ලයිව් ඇවිල්ලා නිර්දෝශී බව කියන්න. මම වෙනුවෙන් මට අමාරු කාලේ පෙනී හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. මං වෙනුවෙන් හැමදාම මම පෙනී ඉන්නවා .,,

යනුවෙන් එම තරුණයා සදහන් කර තිබේ.