ශ්‍රීපාදේ යන අයට මහගිරිදඹ ප්‍රදේශය ගැන විශේෂ දැනුවත් කිරීමක්

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය මඟින් අද (08) දින ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශ මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්‍රී පාදස්ථානය කරුණා කළ හැකි බවට සහතික වූ බව ශ්‍රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියන් සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට එම ස්ථානය කොන්ක්‍රීට් පැති බැමි යොදා පියගැට පෙළ අලුතින් සකස් කර ආරක්ෂිත අත් වැටක්ද සවි කිරිමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිලධාරින් අද (08) එම ස්ථානයට ගොස් පරික්ෂා කර බලා ඒ බව ශ්‍රී පාද භාරකාර හිමියන් හමුවේ පැවසූ බවට වාර්තා වේ.

මේ අනුව ශ්‍රී පාද භාරකාර හිමියන් විසින්, හැටන් මාර්ගය ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව ශ්‍රී පාදය කරුණා කිරිමට හැකි බව ප්‍රකාශ කළා.

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

තවද ශ්‍රී පාද භාරකාර හිමියන්, ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයෙ නිලධාරින් (08) දින ප්‍රතිසංස්සකරණ කළ ස්ථානය පරික්ෂා කිරිමෙන් පසුව එහි වාර්ථාවක් ඉදිරි දිනයකදී නිකුත් කරන බවට පැවසු බවද වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මෙම කොන්ක්‍රීට් පැති බැමි සහ අත්වැට සකස් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින් දායකත්වය දක්වා තිබුණා.

තත්ත්වය දරුණුයි - මුහුද ඉතා රළුයි - ජනතාව ප්‍රවේශමෙන්

තත්ත්වය දරුණුයි - මුහුද ඉතා රළුයි - ජනතාව ප්‍රවේශමෙන්

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට