ලසන්ත වික්‍රමතුංගගේ ආන්දෝලනාත්මක මරණය ගැන අවුරුදු 17 කට පස්සෙත් රවී ප්‍රශ්න කරයි
ලසන්තට වික්‍රමතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියට මොකද වුණේ කියලා දැනගන්න තවමත් පිපාසෙන් සිටින වග පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මාධ්‍යවේදීන් මේ පිළිබද අසූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් සදහන් කර තිබේ.
මේ සම්බන්ධව තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
''අවුරුදු 17 කට පස්සෙත් ලසන්ත අපිට මතක් වෙනවා.මේ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවෙ ප්‍රශ්ණයක් ඇහුවා දැන් විමර්ශන කටයුතු වල තත්වය ගැන . නමුත් මේ සමබන්ධයෙන් මට ලැබුණු උත්තරය තමයි උසාවියෙ තියන නිසා උත්තරයක් දෙන්න බැහැ කියලා . මේ මරණය ගැන අපට පිපාසයක් තියනවා . ලසන්තට මොනවද වුණේ කියලා දැනගන්න.සැබෑ තොරතුරු දැනගන්න අත්‍යවශ්‍යයි.අපි පුළුවන් තරම් සටන් කරනවා මේ සමබන්ධව සැබෑ තත්වය දැනගන්න.''