මෙරටට එන්න හිටපු චීන නැවත් නවතීද? ලංකා මුහුද තහනම් වෙයි. - නැව් වලට ගෙනා අලුත්ම නීතිය.

Report

පර්යේෂණ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ නැව් සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් තහනමක් පනවා තිබෙනවා.

ඒ, පර්යේෂණ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ නැව් සඳහා මාස 12ක කාලයක් යන තුරු මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙමින්.

ඊයේ(19) මේ බව සඳහන් කරමින් විදේශ අමාත්‍යංශය කියා සිටියේ, ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබ ඇති මෙම ප්‍රතිපත්ති තීන්දුව සම්බන්ධයෙන් විදේශ රටවල් දැනුවත් කර ඇති බවයි.

මෙරටට එන්න හිටපු චීන නැවත් නවතීද? ලංකා මුහුද තහනම් වෙයි. - නැව් වලට ගෙනා අලුත්ම නීතිය. | Research Ships Are Prohibited In Ceylon Waters

රජය විසින් මෙම තීරණය ගෙන් ඇත්තේ, ‘යුවාන් 6’ චීන නැවට පසුව ලබන වසරේ ජනවාරි මාසයේ නැවත වරක් චීන පර්යේෂණ නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදනම් තිබූ පසුබිමකයි.

ඒ, අනුව පර්යේෂණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට විදෙස් නැව් පැමිණීම මාස 12ක කාලයකට අත්හිටුවා ඇති අතර ශ්‍රී ලංකාවේ මුහුදු සීමා පසුකරන විදෙස් යුද්ධ නැව් සහ ගුවන් යානා වෙනුවෙන් සම්මත මෙහෙයුම් ක්‍රියාවලිය හඳුන්වා දෙන බවත්, පසුගිය වසර දහයේදී මෙරටට නැව් පැමිණි රටවලට නව මෙහෙයුම් ක්‍රියාවලියේ මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කර ඇති බව අමාත්‍යංශය අවධාරණය කරනවා.

කෙසේ වෙතත් කිසියම් පර්යේෂණ කටයුත්තක් සිදුවේ නම් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ද සමාන හවුල්කරුවන් වී සහභාගී විය හැකි බැවින් රටක් ලෙස ඊට අවශ්‍ය ධාරිතාව ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි අමාත්‍යංශය පවසන්නේ.

මෙරටට එන්න හිටපු චීන නැවත් නවතීද? ලංකා මුහුද තහනම් වෙයි. - නැව් වලට ගෙනා අලුත්ම නීතිය. | Research Ships Are Prohibited In Ceylon Waters