අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවිය පිළිබද විමර්ශන ..

Report

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සල්ලි හොදට හම්බ කරන් එන්නේ ඩුබායි රටේ ඉදල කිව්වට ආපු ගමන්ම ඇතුලට ...බලන්නකෝ කරලා තියන දේ..

සල්ලි හොදට හම්බ කරන් එන්නේ ඩුබායි රටේ ඉදල කිව්වට ආපු ගමන්ම ඇතුලට ...බලන්නකෝ කරලා තියන දේ..

වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය.

"ඒක හරි අමාරු තීරණයක් සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙනවා".. දුනිත් ඉවත්කළ හේතුව..

"ඒක හරි අමාරු තීරණයක් සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙනවා".. දුනිත් ඉවත්කළ හේතුව..

ඒ අනුව එම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානිහු සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන්ට පසුගියදා නියෝග කළහ.

You may like this video