ගැබිනි කාන්තාවන්ගෙන් ඉල්ලීමක්..දැඩි අවදානම් තත්ත්වයක්..!!
ගැබිනි කාන්තාවන්ගෙන් 75%ක පමණ පිරිසක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ මේ දක්වාත් එන්නත්කරණයට යොමුනොවූ ගැබිනි කාන්තාවන් තම ප්‍රදේශයේ රෝහලට හෝ සායනයට ගොස් එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බවය.
මේ වන විට කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීමෙන් ගැබිනි කාන්තාවන් 32ක් මියගොස් ඇති බව ද ඇය සඳහන් කළාය.
ගැබිනියන් 4,200ක් පමණ පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති බවත් ඉන් 900 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන බවත් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය
කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගැබිනි මවුවරුන් 32 දෙනකු පමණ මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා මගින් සඳහන් වනවා. මෙයින් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ පදිංචිකාරියන් බවයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ද මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.
කොවිඩ් ආසාදනයවීමෙන් ගැබිනි මවුවරුන් මියයෑම වැඩිවෙමින් තිබෙන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම නිසා මරණ සංඛ්‍යාව මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කර තිබෙනවා.
මේ තත්වය හේතුවෙන් ගැබිනි මවුවරුන් දැඩි පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවත් අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු හේතුවකට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස එම මවුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරනවා..
මේ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් 8,200ක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා මහතා පැවසීය.
කෙසේවෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 3,600ක් ලෙසය.
වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා මහතා පැවසුවේ තුන්වන රැල්ල තුළ එම දිස්ත්‍රික්කයේ මරණ 200කට අධික ගණනක් වාර්තා වන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |