2 හා 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹීමට අනුමැතිය

Report

1 ශ්‍රේණියට 2026දී ඇරඹේ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ පළමු අදියර යටතේ සැලසුම් කර තිබූ 6 ශ්‍රේණිය සඳහා වන නව විෂයමාලා ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කෙරෙනුයේ 1 ශ්‍රේණිය සඳහා වූ නව විෂයමාලා ප්‍රතිසංස්කරණ පමණි. 2019 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය මගින් සකස් කිරීම ආරම්භ කළ මෙම නව ජාතික විෂයමාලා රාමුව සඳහා 2023 මාර්තු මස අනුමැතිය හිමිවූ අතර, 2024 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසු එහි ප්‍රතිපත්තිවලට අනුකූලව 1 සහ 6 ශ්‍රේණි සඳහා 2026දී නව විෂයමාලාව හඳුන්වා දීමට මුලින් සැලසුම් කර තිබිණි.

අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරාට ඇප

අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරාට ඇප

එසේම 10 ශ්‍රේණියේ සිට වෘත්තීය විෂයයන් හඳුන්වා දීමට ද තීරණය කර ඇති අතර, මෙම කාල රාමුවල සිදුවූ වෙනස්කම් සහ සංකල්ප පත්‍රිකාව පසුගියදා පාර්ලිමේන්තු අනුකමිටුව වෙත ද ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත්, ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක මණ්ඩල තීරණය අනුව 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීමට අවසන් වශයෙන් තීරණය වී ඇත.

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි