බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ III අදියරට කැබිනට් අනුමැතිය - කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා මංතීරු 6ක්

Report

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ–හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කිලෝමීටර් 0.86ක පමණ දිගින් යුත් මෙම මාර්ග කොටස මංතීරු හයකින් යුතුව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය යටතේ මාර්ගය යටින් දිවෙන මාර්ගයක්, සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම් සහ ජලාපවහන පද්ධති ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද නියමිතය.

ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලැබුණු ලංසු 07ක් ඇගයීමට ලක් කර තිබේ. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත, අවම ලංසුකරු ලෙස ඉදිරිපත් වූ මාගා ඉංජිනේරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, එකතු කළ අගය මත බදු (VAT) රහිතව රුපියල් බිලියන 2.89ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

කටුනායක ගුවන්තොටුපළෙන් මගීන්ට පට්ට සහනයක් - අතිරේක ස්වයංක්‍රීය නිෂ්කාශන ගේට්ටු 8ක් සවිකරන්න කැබිනට් අනුමැතිය

කටුනායක ගුවන්තොටුපළෙන් මගීන්ට පට්ට සහනයක් - අතිරේක ස්වයංක්‍රීය නිෂ්කාශන ගේට්ටු 8ක් සවිකරන්න කැබිනට් අනුමැතිය