කිරි නිෂ්පාදකයන්ට සුබම සුබ ආරංචියක් - ලංකාව හා බ්‍රසීලය එක්වි කරන්න යන දේ මෙන්න
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනය කිරීම සහ එහි ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය සමඟ විශේෂ සහයෝගිතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර 2008 වසරේදී අත්සන් තබන ලද මූලික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට අනුකූලව මෙම පියවර ගෙන ඇත.
පාසල් වහනවද? කොට්ඨාස සහ කලාප මට්ටමෙන් අවධානය යොමු කර මේ පාසල් සම්බන්ධයෙන් රජය තීරණය ගන්න විදිහ නලින්ද පහදයි
2023 වසරේදී මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බ්‍රසීල විශේෂඥ කණ්ඩායමේ වාර්තා සහ ජාතික විද්‍යා පදනම මගින් ඉදිරිපත් කළ සංකල්ප පත්‍රිකාව පදනම් කරගනිමින් මෙම ව්‍යාපෘති රාමුව සකස් කර තිබේ.
ඒ අනුව, බ්‍රසීල විදේශ කටයුතු අමාත්‍යාංශයේ බ්‍රසීල සහයෝගිතා නියෝජිත ආයතනය, විකෝසා ෆෙඩරල් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජය අතර මෙම සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමටත්, ඊට අදාළ අනුපූරක ගැලපුම් ගිවිසුමට එළඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.