ප්‍රාදේශීය සභාවක සභාපතිව ධූරයෙන් පහකරයි

By Sewvandhi Sep 13, 2021 12:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව එම ධුරයෙන් පහකර තිබේ. මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එලෙස ධූරයෙන් පහකර ඇති බව වාර්තා වෙයි.

ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය. ඊට අමතරව ඔහුව ප්‍රාදේශීය සභාවේ සාමාජිකත්වයෙන් ද පහකර තිබේ.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම තීරණය ගෙන ඇත. නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

--------------------------------------------------------------------------

මෝටර් රථයක් සහ ප්‍රයිමුවර රථයක් එකට ගැටී සිදුවුණු බිහිසුණු අනතුර-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha