භාණ්ඩ වර්ග 400ක ආනයන සීමා එකවරම ඉවත් කරයි..භාණ්ඩ මිලත් පහළට..

Sri Lanka
By Aruna Jun 02, 2023 05:44 AM GMT
Aruna

Aruna

Report

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියා..

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව පසුගියදා ඉවත්කරනු ලැබුවා.

මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now