කොවිඩ් ආසාදනය වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිනමක් අපවත් වෙයි.

Covid Parliament Religion Mathara Baddegama samitha himi
By Aruna May 30, 2021 03:06 AM GMT
Aruna

Aruna

Report

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේට කෝවිඩ් ආසාදනය වීම හේතුවෙන් මාතර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇති අතර පසුව සුවය ලබා සිය විහාරස්ථානයට වැඩම කර තිබුණා.

යළි ඇති වු රෝගී තත්වයක් හේතුවෙන් සමිත හිමියන් රෝහල් ගත කර ඇති අතර එහිදී අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් උන්වහන්සේ අපවත් වීමට හේතුව කෝවිඩ් ආසාදනය බවට මෙතෙක් තහවුරු වී නැහැ.

අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසුවුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now