ඊශ්‍රායලයෙන් ගාසා තීරයට සහනයක්..

United States of America Israel World Israel-Hamas War Gaza
By Hashini Nov 18, 2023 07:36 AM GMT
Hashini

Hashini

Report

ඊශ්‍රායලය සෑම දින දෙකකට වරක්ම ගාසා තීරයට අවම ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඇමරිකාව සිදු කළ දැඩි මැදිහත්වීමකින් අනතුරුව එම තීරණය ගෙන තිබෙනවා.

ඊශ්‍රායලය එකඟතාව පළ කර ඇත්තේ ඉන්ධන ලීටර් 140,000ක් පමණක් ලබා දීමටයි.

ගාසා තීරයේ පැතිර යා හැකි වසංගත රෝග වැලැක්වීම සඳහා ඉන්ධන, ජලය, අපද්‍රව්‍ය සහ සනීපාරක්‍ෂක පද්ධති යථා තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණයි.

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට සහනයක්.. | Relief From Israel To Gaza Strip

එම ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් සහන කටයුතු වල නිරතවන ට්‍රක් රථ සඳහා වෙන් කර තිබෙනවා.

එම ඉන්ධන තොගය දිනක අවශ්‍යතාවයෙන් හරි අඩක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

පසුගිය පැය විසි හතරේ සියලුම විදුලිය සහ සන්නිවේදන සබඳතා ඉන්ධන සංචිත අවසන් වීමත් සමඟ බිඳ වැටී තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරයේ උග්‍ර ශ්වසන ආසාදන සහිත පුද්ගලයින් 70,000කට වැඩි පිරිසක් සහ පාචන වැළඳුනු රෝගීන් 44,000ක් ලෙසද වාර්තා වී ඇති නමුත් එම ප්‍රමාණය දෙගුණයක් විය හැකි බවයි.

පවුල් ආරවුල කෙළවර වුණු හැටි ..

පවුල් ආරවුල කෙළවර වුණු හැටි ..

.....................



ReeCha