ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් - නාවික හමුදාවේ ජංගම මුළුතැන්ගෙවල් 4ක් සූදානමින්

Report

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවට කඩිනමින් ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ජංගම මුළුතැන්ගෙවල් 4ක් සූදානම් කර තිබේ.

අවශ්‍යතාව අනුව ක්ෂණිකව උණුසුම් ආහාර පිසීම සහ බෙදාහැරීම සඳහා එම ජංගම මුළුතැන්ගෙවල් යෙදවීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

ආපදා අවස්ථාවලදී ජනතාවගේ ජීවිත ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් අඛණ්ඩව සේවය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කැපවී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...