මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරණ දිනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙ ඉගියක්...

Report
245 Shares

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව කඩඉම් ලකුණු මැයි මස මුල් සතිය තුළ ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පාසල් කටයුතු අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළේ ය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ජනවාරි මස 22 වන දින පැවැත්වුණු අතර ප්‍රතිඵල මාර්තු මස 13 වන දින නිකුත් කෙරුණි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී මෙවර විභාගය පැවත්වුණි.

විභාග ප්‍රතිඵලවලට අනුව ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු නිකුත් කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now