"..දිනුවොත්, මම වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා.." ලොවක් දන්නා සුප්‍රසිද්ධ නිළියගෙන් ලෝක කුසලානය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..!

Rekha Cricket Indian Cricket Team Australia Cricket Team ICC World Cup 2023
By Sewvandhi Nov 18, 2023 11:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය ප්‍රසිද්ධ තෙළිඟු නිළියක් වන රේඛා බෝජ් විසින් ,හෙට (19) පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලානය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

"ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත්, මම විශාකාපට්නම් වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා" යනුවෙන්, ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත.

ඉන්දියාව පුරා සමාජ මාධ්‍ය කලඹවමින් මෙම ප්‍රකාශය දැඩි මතභේදයට ලක්ව ඇත. ඉන්දීය විචාරකයින් පවසා ඇත්තේ ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා බවය.

කෙසේ වෙතත් තමන් එම ප්‍රකාශය සිදුකළේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආදරය දැක්වීම සඳහා බවයි, ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ.

Gagana.lk

හෙට (19) 2023 ICC ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අහමදාබාද්හි දී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදීමට නියමිතය.